Home අද ඩොනල්ඩ් ට්‍රම්ප් හා ප්‍රංශ ජනාධිපති අතර හමුවක්

ඩොනල්ඩ් ට්‍රම්ප් හා ප්‍රංශ ජනාධිපති අතර හමුවක්

7
0

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරයේ පැවති මෙම හමුවේදී රුසියානු – යුක්රේන යුද්ධය පිළිබඳව සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, යුක්රේනය යුද්ධයේ සාම ගිවිසුම යටත් වීමක් නොවිය යුතු අතර ආරක්ෂාව සහතික වීමකින් තොරව සටන් විරාමයකට අදහස් නොකළ යුතු බවයි.

මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා නුදුුරේදීම රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් හමුවීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Previous articleගණේමුල්ල සංජීව ඝාතකයාගේ කන් අඩි පුපුරලා – නීතිඥයින් අධිකරණයට දැනුම්දෙයි
Next articleචැම්පියන් කුසලානයෙන් සත්කාරක පකිස්තානය සහ බංග්ලාදේශය ඉවතට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here