Site icon Newshub

ඩොනල්ඩ් ට්‍රම්ප් හා ප්‍රංශ ජනාධිපති අතර හමුවක්

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරයේ පැවති මෙම හමුවේදී රුසියානු – යුක්රේන යුද්ධය පිළිබඳව සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, යුක්රේනය යුද්ධයේ සාම ගිවිසුම යටත් වීමක් නොවිය යුතු අතර ආරක්ෂාව සහතික වීමකින් තොරව සටන් විරාමයකට අදහස් නොකළ යුතු බවයි.

මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා නුදුුරේදීම රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් හමුවීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version