Home අද මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීලා සහභාගී වූ රැස්වීමකදී මහවැලි ඉඩම් පුද්ගලික සමාගමකට දීමට...

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීලා සහභාගී වූ රැස්වීමකදී මහවැලි ඉඩම් පුද්ගලික සමාගමකට දීමට ගත් තීරණයට දැඩි ජනතා විරෝධයක්

147
0

අම්පාර දිස්ත්‍රික්කයේ මහවැලි අධිකාරියට අයත් ඉඩම් අක්කර සියයක් පමණ පුද්ගලික සමාගමකට ලබාදීමට මාලිමා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු සහභාගි වූ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගත් තීරණයට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇත.

මහවැලි ඉඩම් පුද්ගලික සමාගම්වලට ලබාදීමට එරෙහිව විපක්ෂයේ සිටියදී හඬ නැගූව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අද එම ඉඩම් කුණු කොල්ලේට ලබාදීමට කටයුතු කරන බවට අම්පාර ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.

අම්පාර රක්කිඳ විදුලි කුටියේ සිට උල් හිටිය රක්කිඳ මහවැලි සංචාරක බංගලාව දක්වා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් අක්කර 100 ක පමණ භූමි ප්‍රමාණයක් මෙලෙස පෞද්ගලික සමාගමකට බදු දීමට අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පසුගිය දා තීරණයකර තිබේ.

මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන මුතු රත්වත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ උපසභාපති වසන්ත පියතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

මහවැලි අධිකාරියට අයත් මෙම භූමියේ අලි සහ අනෙකුත් වන සතුන් විශාල සංඛ්‍යාවක් ගැවසෙන බවත් එවන් තත්ත්වයක් යටතේ අලි වැට ඉවත් කර එම ඉඩම් ලබාදීම පවතින නීති රීතිවලට පටහැනි බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පෙන්වා දෙති

Previous articleසමගියේ අභ්‍යන්තර අර්බුද එජාප සාකච්ඡා බිඳ දමයි
Next articleපාන් මිල අඩු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here