Home අද ‘GovPay’ පහසුකම අද සිට

‘GovPay’ පහසුකම අද සිට

4
0

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි ‘GovPay’ පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද(07) සිදුකිරීමට නියමිතයි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම නව ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හඳුන්වාදීමත් සමග රජයේ සියලුම ගෙවීම් ඉන් සිදුකිරීමට ජනතාවට අවස්ථාව සැලසෙනු ඇති බව සඳහන්.

මේ යටතේ රජයේ සේවා 16කට මෙම ගෙවීම් පහසුකම හඳුන්වා දෙනු ලබන අතර, අප්‍රේල් මාසයේදී තවත් සේවා 30ක් හඳුන්වාදීමට නියමිත බව ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසයි

Previous articleමන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here