Home අද පිලිපීන උප ජනාධිපතිට දෝෂාභියෝගයක්

පිලිපීන උප ජනාධිපතිට දෝෂාභියෝගයක්

2
0

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරිම ඇතුලු චෝදනා කිහිපයක් මුල්කර ගනිමින් පිලිපීන උප ජනාධිපතිනි සරා ඩුටර්ටේ ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් කණිෂ්ඨ සහ උප ජනාධිපතිනි සරා ඩුටර්ටේ අතර දේශපාලන මතභේද ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

ජනාධිපතිවරයා ඝාතනයට කුමන්ත්‍රණය කිරීම / මහා පරිමාණ දූෂණ සහ දකුණු චීන මුහුදේ දී පිලිපීන හමුදාවන්ට එරෙහිව චීනය ගත් ආක්‍රමණශිලි ක්‍රියාමාර්ගවලට එරෙහි නොවීම ඇතුලු චෝදනා රැසක් උප ජනාධිපතිවරියට එල්ල වී තිබේ.

උප ජනාධිපතිවරියගේ පියා රොඩ්රිගෝ ඩුටර්ටේ හිටපු ජනාධිපතිවරයෙකු වන අතර ඔහුගේ ධුර කාලය 2022 දී අවසන් කෙරුණු බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ

Previous articleජාත්‍යන්තර අපරාධ අධිකරණයට ට්‍රම්ප්ගෙන් සම්බාධක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here