Home අද රනිල් – සජිත් හමුවක්

රනිල් – සජිත් හමුවක්

2
0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත් වීමට නියමිතය.

පක්ෂ දෙක එක්ව ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ දෙපාර්ශවයේම නියෝජිතයන් අතර සාකච්ඡාවට කිහිපයක් පැවැත්විණි.

එම සාකච්ඡා වලදී ඇති කරගත් එකඟතා හා ඒ ඔස්සේ ඉදිරියට යෑම සම්බන්ධව නායකයින් දෙදෙනා අතර පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹෙනු ඇති බව පක්ෂ දෙකෙහි මහ ලේකම්වරු පවසති.

පක්ෂ දෙක ඒකාබද්ධව ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් පොදු ලාංඡනයකින් ඉදිරිපත් විය යුතු බව නියෝජිත සාකච්ඡා වලදී එකඟතාවයක් ඇතිකරගෙන තිබේ.

පක්ෂ දෙකෙන් මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී පක්ෂ දෙකටම සාධාරණයක් වන ආකාරයට එම කටයුතු සිදු කළ යුතු බවටද නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා වලදී එකඟතාවයකට පැමිණ ඇත.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව සෙසු පක්ෂත් සම්බන්ධ කර ගනිමින් පුළුල් පෙරමුණක් යටතේ ඉදිරි මැතිවරණවලට තරග කළ යුතු බව එම සාකච්ඡාවලදී වැඩිදුරටත් තීරණය කර තිබේ

Previous articleවීසා වංචාව ඇතුළු දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා ගැන ආණ්ඩුව උනන්දු නෑ : CID ගිය ශිරාල් එළියට ඇවිත් දෙසයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here