Home අද හිටපු ඇමති සී.බී ට කෝටි 25 ක් ගෙවන ලෙස නියෝග

හිටපු ඇමති සී.බී ට කෝටි 25 ක් ගෙවන ලෙස නියෝග

2
0

පෞද්ගලික නාලිකාවකට සිදුකළ ප්‍රකාශයකින් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇති හෙයින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට රුපියල් කෝටි 25ක වන්දියක් ගෙවන ලෙස හිටපු ඇමති සී.බී. රත්නායක මහතාට ගල්කිස්ස දිසා විනිසුරු ඩී.එම්. කොඩිතුවක්කු මෙනවිය විසින් නියමකොට තිබේ.

තමන් ‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු යැයි හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් පෞද්ගලික නාලිකාවකට ප්‍රකාශ කිරීමෙන් තමාට කල අපහාසට වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගල්කිස්ස දිසා අධිකරණයේ මීට වසර 07කට පමණ පෙර නඩු පවරා තිබිණී.

තමා බැදුම්කර ‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බවට වගඋත්තරකාර අමාත්‍ය සී.බී. රත්නායක මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයක් එම මාධ්‍ය මඟින් එදින ප්‍රචාරය කර ඇතැයිද සී.බී. රත්නායක මහතා මාධ්‍යයට කළ එම ප්‍රකාශය අසත්‍ය යැයිද සඳහන් කරන පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා තමා සම්බන්ධයෙන් කළ එම අසත්‍ය ප්‍රකාශය මාධ්‍යයේ පළවීමෙන් තමන්ට අපහාසයක් වී ඇතැයිද සඳහන් කර ඇත.

මෙම නඩුව විභාග කිරීමෙන් අනතුරුව ගල්කිස්ස දිසා විනිසුරු විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ

Previous articleඇමෙරිකාවේ සිටි ඉන්දියානුවන් 104 ක් පිටවහල් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here