Home අද ආරක්ෂක සංචිතය අඩු කිරීමට එරෙහි : මහින්දගේ FR පෙත්සම සලකා බැලීමට දින...

ආරක්ෂක සංචිතය අඩු කිරීමට එරෙහි : මහින්දගේ FR පෙත්සම සලකා බැලීමට දින දෙයි !

2
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට සපයා තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60ක් දක්වා අඩු කිරීමට වත්මන් රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ඒ අදාළ පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට සහ මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන්ට අවසර ලබා දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවශ්‍යතාවයක් වේ නම් පෙත්සම්කාර පාර්ශවයට ද ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බවද සඳහන් කළේය .

පෙත්සම කැඳ වූ අවස්ථාවේදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් කිසිදු ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවා දායකයාගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන්නේය.

ඔහුගේ ආරක්‍ෂාව අඩු කිරීම හෝ වැඩි කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ විධිමත් ආරක්ෂක ඇගයීමකින් පසුව බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස නියෝග කළහ

Previous articleබිත්තර ලක්ෂයක් සොරාගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here