Home අද චූදිතයින් නිදහස් කළ ආණ්ඩුවෙන් ලසන්තගේ බිරිඳට විශේෂ තනතුරක්.

චූදිතයින් නිදහස් කළ ආණ්ඩුවෙන් ලසන්තගේ බිරිඳට විශේෂ තනතුරක්.

3
0

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශක තනතුර සඳහා රජය විසින් නම් කර ඇති බව Daily Mirror වාර්තා කරනවා.

ඇය එම පත්වීම පිළිගෙන තිබේද යන්න පැහැදිලි නැතත් ඇයට එම තනතුර පිරිනැමීමට තීරණය කර ඇති බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට බොහෝ තනතුරු පුරප්පාඩු වී ඇති බැවින්, විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා පත් කරන ලද අයගේ ලැයිස්තුව අවසන් කිරීමේ ක්‍රියාවලියක රජය නිරත වෙමින් සිටී.

නීතිපතිවරයා විසින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නඩු කටයුතු වලින් නිදහස් කර ඇති පසුබිමක මෙලෙස මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මියට නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශක තනතුර ලබාදීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් ?

ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙතින් ආණ්ඩුවට බරපතළ විරෝධයක් !

Previous articleෂෙයික් හසීනාගේ නිවස ගිණිබත් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here