ඉඩම් හිමිකම් ඔප්පු අහිමි ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත ආරම්භ කෙරුණු ‘උරුමය’ ජාතික වැඩසටහන නතර කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉඩම් රජය සතු විය යුතු බවට වන ප්‍රතිපත්තිය මත ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වුවත් උරුමය වැඩසටහන එක්වරම අවසන් කිරීම වෙනුවට පළමු අදියරේ දී එහි නම, ව්‍යුවහය සහ ක්‍රියාවලිය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකෙරෙමින් තිබෙන බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ The Sunday Times පුවත්පතට සිදුකළ ප්‍රකාශයක මෙසේ සඳහන් කර ඇත.
“ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ඔවුන් ද මෙම ඔප්පු ලබාදීමේ ක්‍රමය සුදුසු නොවන බවට අදහස් පළකළා. මීට පෙර සිදුකළ පරිදි කල්පිරීමේ ක්‍රියාවලියක් සමඟ කොන්දේසි සහිත ඔප්පු ක්‍රමය දිගටම කරගෙන යෑමට ඔවුන් නිර්දේශ කළා,”
කෙසේ වුවත් උරුමය යනු රනිල් වික්‍රමසිංහ පාලනයෙහි ප්‍රධාන වැඩසටහනක් වූ අතර සින්නක්කර ඉඩම් අයිතිය අහිමි මිලියන දෙකකට ඉඩම් ඔප්පු පැවරීම එහි අපේක්ෂාවය