Home අද ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙතින් ආණ්ඩුවට බරපතළ විරෝධයක්...

ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම : වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙතින් ආණ්ඩුවට බරපතළ විරෝධයක් !

3
0

“රටේ සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස චෝදනා ලැබ ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් එම චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දැක්වු විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සංගම් විසින් කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ලත් නිර්දේශ කිරීමක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නගමින් පවතින්නේද යන සැකය මේ මොහොතේ සමාජය තුළ මතුව තිබීම ඉතා බරපතල තත්වයක්” බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමය නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කරයි.

අවනීතිය රජකළ සමාජයකට නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට බහුතර ජනබලය ලද රජයක් යටතේද තවදුරටත් අවනීතියම ක්‍රියාත්මක වන්නේ නම් එය කණගාටුවට කරුණක් බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් රංග බණ්ඩාරනායක ගේ අත්සනින් යුතුව අද (05) මෙකී නිවේදනය නිකුත්කර තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට අදාළ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීම සම්බන්ධව නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත්කළ ලිපියක් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයකට ලක්වෙමින් තිබෙන මොහොතක මෙම නිවේදනය නිකුත්කර තිබේ.

අදාළ නිවේදනය පහත දැක්වෙයි

No description available.

Previous articleනාඩු 120යි, සම්බා 125 යි, කීරි සම්බා 132 යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here