Home අද ඇමති බංගලා වලට කරන්න යන දේ මෙන්න

ඇමති බංගලා වලට කරන්න යන දේ මෙන්න

2
0

පසුගිය ආණ්ඩු යටතේ ඇමතිවරුන් වෙනුවෙන් වෙන්කළ සියලු බංගලා ආර්ථික වශයෙන් වඩාත් ඵලදායී කටයුත්තකට යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.

මෙම සියලු බංගලා තක්සේරු කිරීම මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර එම කටයුතු අවසන් වූ වහාම එම තක්සේරු වාර්තා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

බංගලා සම්බන්ධව මේ වනවිට යෝජනා රැසක් ඉදිරිපත් ව ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව පෞද්ගලික අංශයට කුලී පදනම මත මෙම බංගලා ලබාදිය යුතුය යන යෝජනාව කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බව එම නිලධාරියා අනාවරණය කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ඉදිරිපත් වන තක්සේරු වාර්තා අමාත්‍ය මණ්ඩලය අනුමත කිරීමෙන් පසු ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

Previous articleලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here