Home අද තැපෑලෙන් දුන්න රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම 6000යි : විපක්ෂයේ සිටියදී 20000ක් ඉල්ලුවා...

තැපෑලෙන් දුන්න රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම 6000යි : විපක්ෂයේ සිටියදී 20000ක් ඉල්ලුවා !

2
0

ඉදිරි අයවැයෙන් දැනෙන වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයන් වෙත ලබාදෙන බව පසුගියදා ජනාධිපති අනුර දිසානායක පැවසූවද එකී වැටුප් වැඩිවීම රුපියල් 6000ක් පමණ සුළු මුදලක් බව අනාවරණය වෙයි.

මේ බව අනාවරණය වන්නේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජයපාල සිදුකළ ප්‍රකාශයක් සමඟය.

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ඇමති ආනන්ද විජේපාල පවසා ඇත්තේ එළැඹෙන අයවැය මගින් රුපියල් බිලියන 90ක මුදලක් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා වෙන්කිරීමට තීරණය කර ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

“සමස්තයක් විදියට රාජ්‍ය සේවයේ පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට සන්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය සේවය සමස්තයක් විදියට කළමනාකරණය කරන්න අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් යම් යම් සංශෝධන ගනිමින් ඉන්නවා.

එළැඹෙන 17 ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් රුපියල් බිලියන 90ක අති විශාල මුදලක් වැය කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න තීන්දු කරලා තියෙනවා. 13 ලක්ෂයකට සහන සැලසෙනවා.

අපි අවබෝධ කරගත යුතුයි, විශේෂයෙන් රාජ්‍ය සේවයකයින් අපි මේ ලබාගන්නා ප්‍රතිලාභවලින් මොන තරම් දේවල් මහ ජනයාට ආපහු ලබාදිය යුතුද කියලා”

ඒ අනුව රාජ්‍ය සේවකයන් මිලියන 1.3ක් වෙනුවෙන් බිලියන 90ක මුදලක් වැටුප් වැඩි කිරීම සඳහා වෙන් කළ විට එය ආසන්න වශයෙන් එක් අයෙකුට හිමිවීමට නියමිත වනුයේ රුපියල් 6000කට ආසන්න ගණනකි.

කෙසේ වුවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැලසුම් කර තිබුණේ, රාජ්‍ය අංශයේ පහළම වැටුප් ස්ථරය වෙත වැටුප 24%කින් වැඩිවී මාසිකව රුපියල් 55000ක අවම වැටුපක් හිමිවීමට නියමිතව තිබිණ.

ඒ උදය ආර්. සෙනවිරත්න වාර්තාව අනුවය. රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය සහ වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් පත්කරනු ලැබූ උදය ආර්. සෙනවිරත්න ප්‍රමුඛ කමිටුවේ සාමාජිකයකු වූ දුමින්ද හුලංගමුව මේ වන විට ජනාධිපති අනුර දිසානායක ගේ ආර්ථික කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙසද සේවයට එක්කර ගෙන ඇත.

2024 මැද භාගයේ ජනතා විමුක්ති පෙරමුණ සිය වෘත්තීය සමිති යොදවා එවකට වික්‍රමසිංහ පාලනයටද බලකර සිටියේ, රාජ්‍ය අංශයේ වැටුප රුපියල් 20000කින් ඉහල දැමිය යුතු බවත්, නැතිනම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත්කරන බවයි.

Previous articleඇමති බංගලා වලට කරන්න යන දේ මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here