අප සියලුදෙනා එක්ව මේ ගමන් කරමින් සිටින්නේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නූතන දේශපාලන ලෝකයේ නොමැකෙන ආදර්ශයක් බවට අපේ මාතෘ භූමිය, මේ ශ්‍රී ලංකා රාජ්‍යය පත් කරන ගමනක් විය හැකි බවත් අපට නියත ලෙසම මේ ලෝකයේ ධනවත්ම රට බවට පත් විය නොහැකි නමුත් අප උත්සාහ කළහොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරා ගත් සමානාත්මතාවයේ හා නිදහසේ ආදර්ශ රාජ්‍යය බවට පත් විය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අතීතය දෙස බලාගෙන සැමරූ නිදහස් දිනයන් වෙනුවට මෙවර අනාගතය දෙස බලාගෙන, උතුරේත්, දකුණේත්, නැගෙනහිරත්, රට මැදත් ජනයා අනාගත පොහොසත් ශ්‍රී ලාංකීය රජ්‍යයක් ගැන, නූතන ශ්‍රී ලාංකීය ජාතියක් ගැන එකාවන්ව සිහින දකින මොහොතක අද නිදහස සමරන බවද ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන්කර සිටියේ අද(4) නිදහස් චතුරස්‍රයේ පැවති 77 වන ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවයට එක්වෙමිනි.
ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව පහතින්..