Home අද මහින්ද වගේ අනුරත් දරුවන් වඩාගන්නේ, බදාගන්නේ මාලිමා ඡන්ද පදනම ඉතාම තාවකාලික නිසා...

මහින්ද වගේ අනුරත් දරුවන් වඩාගන්නේ, බදාගන්නේ මාලිමා ඡන්ද පදනම ඉතාම තාවකාලික නිසා එය රඳවාගන්නයි – ආචාර්ය නිර්මාල් දේවසිරි

95
0

ජාතික ජන බලවේගය වර්තමාන රජයට ඇති ජනතා පක්ෂපාතිත්වය ඉතාම තාවකාලික බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

එම අස්ථාවර ඡන්ද පදනම පවත්වාගෙන යාමට නම් ආණ්ඩුව විශාල වශයෙන් එම ජනතාවගේ අපේක්ෂාවන් සමග සිටිය යුතු බවත් මහතා පවසනවා.

පෞද්ගලික නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ කල ආකාරයෙන්ම දරුවන් වඩා ගැනීම, බදාගැනීම ආදී කටයුතු අද අනුර දිසානායක මහත් ජනාධිපතිවරයාද සිදු කරන්නේ එය තේරුම් ගෙන බවද පවසන ඔහු නමුත් ඒවායෙන් පමණක් දිගටම යා නොහැකි බවද කියා සිටී.

තාවකාලිකව එවන් ක්‍රියාවලි හරහා ජනතාව රදවා ගත හැකි නමුත් ජනතාව බඩ සහ සාක්කුව ගැන හිතන බවද ඔහු කියා සිටියි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රමය මෙය නොවන බවත් එමනිසා එහිදී ඔහු සැමවිටම අසමත් වන බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මෙහිදී කියා සිටියා.

Previous articleමහින්ද ට නිල නිවස අනුමත කළ කමිටුවේ හිටියේ විපක්ෂයේ අනුර – දැන් ඉන්නේ ජනාධිපති අනුර – වසන්ත
Next articleලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සමානාත්මතාවයේ හා නිදහසේ ආදර්ශ රාජ්‍යය බවට අපට පත් විය හැකියි – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here