Home අද රාජ්‍ය ආයතන 113ක් ප්‍රතිව්‍යුහගතකරණය කරනවා : අමාත්‍යංශ ලේකම් හෙළිකරයි !

රාජ්‍ය ආයතන 113ක් ප්‍රතිව්‍යුහගතකරණය කරනවා : අමාත්‍යංශ ලේකම් හෙළිකරයි !

82
0

ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළ බව කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර පවසයි.

ඒ සඳහා පත්කර ඇති කමිටුව මගින් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රාජ්‍ය ආයතන 113ක් හඳුනාගෙන ඇති බව ද ලේකම්වරිය ප්‍රකාශ කරයි.

ලේකම්වරිය මේ බව සඳහන් කර සිටියේ කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල නිලධාරීන්ගේ හමුවක් අමතමිනි.

ඒ අනුව තවත් සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව ජනාධිපතිතුමාට සහ ඇමතිවරයාට යොමු කරන බවත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ඉහළින් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව බව ද ලේකම්වරිය සඳහන් කළාය.

වර්තමාන ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමතිවරයාට සිය හිතවතුන් අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත්කර ගැනීමට එම ආයතන පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව ද එහිදී ඇය වැඩිදුරටත් පැවසුවාය

Previous articleවිරෝධය හමුවේ රාජ්‍ය පරිපාලනය පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය චක්‍රලේඛනයක් අවලංගු කරයි!
Next articleහැරී ජයවර්ධන දිවි සැරියට සමුදෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here