හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ( විශ්‍රාමික ) වූ ප්‍රියන්ත මායාදුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (30) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ 2011 වසරේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්වා ඇති ඉසුරු සවිය නම් සැමරුම් උත්සවය සඳහා සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වැය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළවය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ, අදාළ විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබූ බවත් ඒ අනුව එවකට සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත කුමාර මායාදුන්නේ අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බවත් ය.
සැකකරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමන නියමිත බවද පොලිසිය පවසයි.
විශ්‍රාම ගැනීමට පෙර ප්‍රියන්ත මායාදුන්නේ අධිකරණ, රාජ්‍ය පරිපාලන , වරාය, උසස් අධ්‍යාපන , ප්‍රවාහන සහ මහාමාර්ග යන අමාත්‍යංශ කිහිපයක අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇත.