Home අද මම දේශපාලනයට කැමති නැහැ – වැඩිදුරටත් දේශපාලනයේ ඉන්නේ නැහැ – ඇප ලැබූ...

මම දේශපාලනයට කැමති නැහැ – වැඩිදුරටත් දේශපාලනයේ ඉන්නේ නැහැ – ඇප ලැබූ අර්චුනා කියයි

14
0

තමන් වැඩිදුරටත් දේශපාලනයේ නොසිටින බවත් කෙටි කාලයකින් දේශපාලනයට සමුදෙන පවත් ඇප මත නිදහස් වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රමනාදන් මහතා පැවසීය.

රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කළ බව කියන අර්චුනා රමනාදන් මන්ත්‍රීවරයා අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඊයේ ( 29) සවස අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබේ.

ඇප ලබා අධිකරණ භූමියෙන් එළියට පැමිණි අර්චුනා රමනාදන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ

“මම දේශපාලනයට ඇත්තටම කැමති නැහැ අවුරුදු තිස් අටක කාලය තුළ මම කවදාවත් ඡන්දයක් පාවිච්චි කරලත් නැහැ දේශපාලනය මම කැමති විෂයක් නොවේ ඒ නිසා වැඩිදුරටත් දේශපාලනයේ ඉන්නේ නැහැ.”

Previous articleමාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි
Next articleපොහොරට සහනාධාර දෙනවා. ජලය නොමිලේ දෙනවා. රජයට වී දෙන්නේ නෑ කියන්න ගොවීන්ට බෑ – ඇමති ලාල්ගෙන් තගක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here