Home අද මාදිවෙල මන්ත්‍රී නිවාස වලිනුත් කුලිය අය කරන්න – පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තීය එකමුතුව!

මාදිවෙල මන්ත්‍රී නිවාස වලිනුත් කුලිය අය කරන්න – පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තීය එකමුතුව!

9
0

නිල නිවාස නැවත තක්සේරු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නම් මාදිවෙල මන්ත්‍රී නිවාස ද නැවත තක්සේරු කර නියමිත මාසික කුලිය අය කර ගැනීමට ක්‍රියා කරන ලෙස පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තීය එකමුතුවේ ප්‍රධාන ලේකම් නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති මාධ්‍යවල නිවාස සංකීර්ණයේ එක් නිවසක් සඳහා දැනට මසකට රුපියල් 2000 ක් අය කරන බව පෙන්වා දෙන ඒ මහතා පවතින තත්ත්වය මත එය නැවත තක්සේරුවක් කරන්නේ නම් මන්ත්‍රීවරයෙක් ගෙවිය යුතු මාසික මුදලේ විශාල වෙනසක් සිදුවිය හැකි බව පැවසීය.

කොළඹදී අද( 30) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතා වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතා නියෝජිතයින්ට ලබා දෙන වරප්‍රසාද අහිමි කරන බවට ප්‍රකාශ කළ බව සිහිපත් කළේය.

මහජන නියෝජිතයින්ගේ වරදාන වරප්‍රසාද අහිමි කරන බව පවසා බලයට පැමිණි මාලිමා ආණ්ඩුවේ එක් මන්ත්‍රීවරයෙක් අද මාසිකව රුපියල් ලක්ෂ හයකට වැඩි ප්‍රසාද භුක්ති විඳින බවත් ඒ අනුව මන්ත්‍රීවරු 159 දෙනා මාසිකව රුපියල් කෝටි නමය හමාරක වරප්‍රසාද ලබා ගන්නා බවයි.

Previous articleපොහොරට සහනාධාර දෙනවා. ජලය නොමිලේ දෙනවා. රජයට වී දෙන්නේ නෑ කියන්න ගොවීන්ට බෑ – ඇමති ලාල්ගෙන් තගක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here