Home අද ක්‍රිෂ් ගනුදෙනුවට නාමල්ට අධි චෝදනා !

ක්‍රිෂ් ගනුදෙනුවට නාමල්ට අධි චෝදනා !

21
0

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර ඇත.

වාර්තා වන ආකාරයට නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණයට යොමුකර තිබේ.

ඒ අනුව රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා එල්ල කර තිබේ.

මෙම සිද්ධියට අදාළව පසුගිය යහපාලන සමයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.

Previous articleදේශපාලන සදාචාරයත් ඉවරයි : ජන්දෙන් පැරදුණු පාලිත ප්‍රනාන්දු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලොක්කා කරලා !
Next articleසිලින්ඩරය යටතේ තරග කළ කණ්ඩායමේ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා සාකච්ඡා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here