බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ යළිත් දිගු පෝලිම් නිර්මාණය වී තිබෙන අතර එබැවින් තමන් ඉමහත් පීඩාවකට පත්ව සිටින බවට ජනතාව චෝදනා කරයි.
පෝලිම්වල රැඳී සිටින ජනතාව චෝදනා කරන්නේ, වේලාවක් වෙන්කරගෙන පැමිණියත් නිසි පරිදි සේවා ලබා ගැනීමට නොහැකි බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දින කිහිපයක් යන තැන එවකට විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජිත හේරත් අමාත්‍යවරයා විදෙස් ගමන් බලපත්‍ර පෝලිම අවසන් කළ බව පවසමින් තමන්ව මුලා කළ බවටද ජනතාව චෝදනා කරයි.
පාස්පෝට් හිගය හේතුවෙන් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පැවැති දිගු පෝලිම් පසුගිය මාස කිහිපයේ නතර වූ බවක් පෙන්නුම් කළත්, ඒ සිදුව ඇත්තේ පෝලිම් සැඟවීම බවත්, ඒ බව සමාජ මාධ්‍ය හරහා වීඩියෝ සාක්ෂි ඇතිව තහවුරු වූ බවත් ඔවුන් පෙන්වාදෙයි.
පසුගියදා විෂය භාර අමාත්‍ය ආනන්ද විජේපාල පවසා සිටි ආකාරයට නම් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමේදී ජනවාරි මාසයේ සිදුකරන ඉල්ලීම සැපිරෙන්නේ ජුනි මාසයේ ය