ජාතික ජන බලවේගය බොහෝ බාධක මැඩගෙන අද වන විට කඳු පාමුලට පැමිණ සිටින බවත්, ඉදිරියේ ඇති අභියෝග කන්ද තරණය කිරීමේදී සැප පහසුවට සියල්ල කළ නොහැකි වනු ඇති අතර ඒ සඳහා කැප කිරීම් කිරීමට සිදුවනු ඇති බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ටී. කේ. ජයසුන්දර පවසයි.
චීනය අද වන විට ලෝකයේ අංක එකට පැමිණ ඇත්තේ අසීරු අවස්ථාවන්හි සර්පයන්, ගස්වල පොතු ආදිය ආහාරයට ගෙන බවද ඔහු පෙන්වා දෙයි.
ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ටී.කේ. ජයසුන්දර මේ බව සඳහන් කර සිටියේ ජනහමුවක් අමතමිනි.
වර්තමානයේ රටේ ජනතාව පමණක් නොව ජනාධිපති අනුර දිසානායක මහතාගේ සිට පාර්ලිමේන්තු මන්ත්රීවරු ඇතුළු සියලු දෙනා එක මට්ටමේ දුක් කරදර විදිමින් සිටින බවද මන්ත්රීවරයා සඳහන් කළේය .
පසුගිය දිනවල තමන් කිසිවෙකුට කොළඹ ගොස් නැවතීමට තැනක් නොතිබූ බවත් බෑග් එක කරේ එල්ලාගෙන එහෙ මෙහෙ ඇවිදමින් සිටි බවත් ඔහු පැවසුවේය.
අද වනවිට මාදිවෙල නිල නිවාසයක් ලැබී ඇති නමුත් වාහනයක් මේ වන විට ලැබී නැති බවද සඳහන් කළ මන්ත්රීවරයා එසේ වූවා කියා වාහනයක් ලබා දෙන්නයි ඉදීමට අයිතියක් නැති බවද පැරණි වාහන විකුණා දමා වෙනත් සුදුසු වාහනයක් ලබා දෙන තෙක් ඉවසන්නට වන බවද පැවසීය