Home අද දේශපාලන සදාචාරයත් ඉවරයි : ජන්දෙන් පැරදුණු පාලිත ප්‍රනාන්දු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලොක්කා...

දේශපාලන සදාචාරයත් ඉවරයි : ජන්දෙන් පැරදුණු පාලිත ප්‍රනාන්දු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලොක්කා කරලා !

60
0

විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී. පාලිත ප්‍රනාන්දු පසුගිය මහ මැතිවරණය සඳහා ජාතික ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූවකු වන අතර ඔහුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්කර ඇත.

ජනවාරි 20 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සඳහා පාලිත ප්‍රනාන්දු පත්කිරීමට පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති අතර ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ආරක්ෂක ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ය.

ඒ 2025 ජනවාරි 01 වනදා සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය පුරප්පාඩු බව දක්වමිනි.

වාර්තා වන ආකාරයට අදාළ පත්වීම කොන්ත්‍රාත් පදනම මත වසරක කාලයක් සඳහා ලබාදී තිබේ.

කෙසේ වුවත් ජාතික ජනබලවේගය පක්ෂය පසුගිය සමයේ මැතිවරණ වලින් පරාජයට පත්වන පුද්ගලයන් රජයේ ඉහල තනතුරු සඳහා පත්කිරීම සම්බන්ධයෙන් පැවති පාලනයන් දැඩිව විවේචනය කර සිටියේය.

ඔවුන් එය හඳුන්වා දුන්නේ එම ආණ්ඩු වල දේශපාලන සදාචාරයේ ගැටළුවක් ලෙසය. කෙසේ වුවත් බලය ලබාගැනීමට පසුව ජාතික ජනබලවේගය පක්ෂය ද පැවති ආණ්ඩු මෙන්ම දේශපාලන සදාචාරය කෙළෙසාගෙන ඇත.

Previous articleසහල් පාලන මිල ඉවත් කරන්නේම නෑ- නලින්ද : වී 170 ට ගන්න නිසා සහල් මිල 300 පනිනවා – විශ්ලේෂකයන් !
Next articleක්‍රිෂ් ගනුදෙනුවට නාමල්ට අධි චෝදනා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here