Home අද රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩි කිරීමට කටයුතු – ජනාධිපති

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩි කිරීමට කටයුතු – ජනාධිපති

46
0

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප දැනෙන ලෙස විශාල ප්‍රමාණයකින් ඉදිරි අයවැයෙන් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩි කිරීම සඳහා ලබන අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද  ජනාධිපතිවරයා සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (26 ) පැවැති සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවට එක්වෙමින් මේ බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වසර තුනක් ඇතුළත විශ්‍රාමිකයන්ගේ සියලූම වැටුප් විෂමතා නිවැරදි කරනබවද පැවසීය.

“එළඹෙන අයවැයෙන් ඔබතුමන්ලාගේ මූලික වැටුපේ සාධාරණ වැඩි කිරීමක් කරන්න අප බලාපොරොත්තු වෙනවා මෙච්චර කල් මූලික වැටුප කෑලි කෑලි එල්ලලා නේ තිබුනේ.මූලික වැටුප යම් විද්‍යාත්මක පදනමකට අපි වැඩි කරනවා.”

“එමෙන්ම විශ්‍රාමිකයින් වැටුප් විෂමතාවයට මුහුණපා සිටිනවා
2016-2017-2020.වගේ කාණ්ඩ කිහිපයක් තිබෙනවා විශ්‍රාමිකයන්ගේ. ඒක වසර තුනක් ඇතුලත ගෙවන ආකාරයෙන් ඒ විශ්‍රාම වැටුප් විෂමතා විසඳන්න අපි බලාපොරොත්තු වෙනවා.”

Previous articleනිවැරදි තීරණ ගන්න බැරි රජයේ දත්ත වැරදි නිසා – ජනපති අනුර හෙළිකරයි !
Next articleපළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස හතරවන සතියේ – මැතිවරණ කොමිෂන් සභාව!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here