Home අද උදේ කෑම 600යි, දවල් කෑම 1200යි, තේ එක 200යි පාර්ලිමේන්තුවේ කෑම මිල...

උදේ කෑම 600යි, දවල් කෑම 1200යි, තේ එක 200යි පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි කරයි

17
0

ලබන සතියේ සිට ක්‍රියාත්මක වන ලෙස පාර්ලිමේන්තුවේ උදෑසන ආහාර වේලක් රුපියල් 600 ක් ලෙසත් දහවල් ආහාර වේල රුපියල් 1200ක් ලෙසත් වැඩි කිරීමට අද (23) රැස්වූ පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් උදේටත් කාලා දවල්ටත් කාලා රෑටත් කාලා ඔතාගෙනත් යන බවට පසුගියදා චෝදනා එල්ල වුවද පාර්ලිමේන්තුවේ ආහාර මිල වැඩිවීම ක්‍රියාත්මක වන ලබන සතියේ සිට භෝජනාගාරයේ තදබදය අඩු වනු ඇති බව විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාර වල මිල ගණන් වැඩිවීමට අනුව මෙතෙක් උදැසන ආහාර වේලා රුපියල් සීයක් වූ අතර එය නව වැඩිවීමට අනුව රුපියල් 600 දක්වා ඉහළ යනු ඇත.

රුපියල් 300ට පැවැති දහවල් ආහාර වේලය ලබන සතියේ සිට නව මිල ගණන් වැඩිවීමට අනුව රුපියල් 1200ක් වනු ඇත.

තේ පැන් ගාස්තුව ද රුපියල් 200 දක්වා වැඩි කරතිබේ. මෙලෙස ආහාරවල මිල ගණන් ඉහළ යෑම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට බලනොපානු ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය

Previous articleV8 එකටත් වඩා තෙල් පිච්චෙන වසන්ත පදින රේන්ජ් රෝවර් එක නිසා පාර්ලිමේන්තුව ඇවිලෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here