Home අද අපිට යන්න තැනක් නෑ : ජනතාව හඬා වැටෙද්දී මීතොටමුල්ල නිවාස 24ක් ක්ලීන්...

අපිට යන්න තැනක් නෑ : ජනතාව හඬා වැටෙද්දී මීතොටමුල්ල නිවාස 24ක් ක්ලීන් කරයි !

3
0

කොලොන්නාව, මීතොටමුල්ල හි අනවසර පදිංචිකරුවන් සිටි නිවාස 24ක් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරන ආකාරයට අධිකරණ නියෝගයකට අනුව මෙම කටයුත්ත සිදුකර තිබේ.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද අසල ඉදිකර තිබූ මෙම අනවසර නිවාස පිහිටි ඉඩමේ හිමිකාරිත්වය නාගරික සංවර්ධන අධිකාරිය සතුවූවකි.

එහි කළක් තිස්සේ මෙම ජනතාව පදිංචිව සිට ඇති අතර ඒ සම්බන්ධව නාගරික සංවර්ධන අධිකාරිය අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණ.

එම නඩුවේ තීන්දුව අනුව නියෝග කර ඇත්තේ මෙම පිරිස ඉවත් කරන ලෙසයි.

නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ මෙම පිරිසට කොලොන්නාව ප්‍රදේශයෙන්ම මහල් නිවාස ලබා දී තිබූ බවයි.
නමුත් අදාළ ස්ථානයෙන් ඉවත් නොවූ පිරිසක් සම්බන්ධයෙන් අදාල නඩුව ගොනු කර මෙම අධිකරණ නියෝගය ලබාගත් බවද අධිකාරිය පවසයි.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඉදිරියේ අදාළ ඉවත් කිරීම් සිදු කෙරිණ.
කෙසේ වෙතත් එම ස්ථානයේ පදිංචිව සිටි ජනතාව මැසිවිලි නගන්නේ තමන්ට පදිංචි වීම සඳහා විකල්ප ස්ථානයක් නොමැති බවත්, තමන් මහමඟට වැටුණු බවත් ය.

Previous articleමහා පරිමාණ මෝල් හිමියන් වී සඟවාගෙන සිටින බවට කියන කතාව අමූලික බොරුවක් – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here