Home අද මිලියන 70ක මුල්‍ය අක්‍රමිකතාවට නාමල් අද විවෘත අධිකරණයට!

මිලියන 70ක මුල්‍ය අක්‍රමිකතාවට නාමල් අද විවෘත අධිකරණයට!

4
0

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (22) යළි කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරියකු අධිකරණයට දන්වා සිටියේ හිටපු ක්‍රීඩා අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කර සිටියේ ක්‍රීෂ් මුල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය අධිකරණයේ පවත්වාගෙන යන නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජුනි මස 04 වනදා යළි කැඳවීමට ය.

අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අද නඩුව කැඳවූ අවස්ථාවේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටීමට අධිකරණයට පැමිණ සිටියේය.

Previous articleඅපිට යන්න තැනක් නෑ : ජනතාව හඬා වැටෙද්දී මීතොටමුල්ල නිවාස 24ක් ක්ලීන් කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here