විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පහ වසරේ ළමුන් තබාගෙන ඔවුන්ට “මිත්‍රවරුනි” කියමින් පාසල් දේශපාලනය සිදුකළ බවත් ඒ සම්බන්ධව ද පරීක්ෂණ පැවැත්විය යුතු බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේ මතු වූ කරුණක් සම්බන්ධව තර්ක කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු ප්‍රශ්න කර, පසුගිය සමයේ පාසල් වෙත ගොස් සුහුරු පංති කාමර සහ බස් රථ බෙදූ විපක්ෂ නායකයා මේ දිනවල එම කටයුතු නොකරන්නේ මන්ද කියාය.
නියෝජ්‍ය අමාත්‍යවරයකු වීමට පෙර මහින්ද ජයසිංහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ අතර ඒ සමයේ ගුරු වෘත්තීය අයිතීන් වෙනුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කරමින් පාසල් තුළ වර්ජන, විරෝධතා දියත් කිරීම සම්බන්ධව ඒ සමයේදී ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.