හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම සඳහා රජයේ වියදමින් ලබා දී ඇති නිල නිවාස, වාහන සහ අනෙකුත් දෑ සම්බන්ධව පූර්ණ තක්සේරුවක් සිදුකර ඒ පිළිබඳව වාර්තා ලබා ගැනීමට රජය පියවර ගෙන ඇත.
මෙම තක්සේරු වාර්තා කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති කාර්යාලය මගින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචු මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තා වෙනුවෙන් රජය වැය කරන වියදම් සම්බන්ධව තක්සේරු වාර්තාවක් මේ වන විට ලබාගෙන තිබෙන අතර එහි සඳහන් පරිදි ඔහුගේ නිල නිවස වෙනුවෙන් පමණක් මාසයකට රුපියල් ලක්ෂ 46 වැය කරන බව සඳහන් වේ.
මේ ආකාරයට අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම සඳහා රජයේ රජයේ වැය කරන වියදම් ඇස්තමේන්තුව මේ වන විට සකස් කරමින් ඇත.
තක්සේරු වාර්තා ලැබීමෙන් පසු පවතින නීති සංශෝධනය කර ඒ සම්බන්ධයෙන් සුදුසු ක්රියාමාර්ගවලට එළඹීමට රජය තීරණය කර ඇතැයි ඉහත නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය