Home අද 76000 ඖෂධය 370 ට මිලදී ගෙන නෑ : එය නිර්දේශයක් පමණයි –...

76000 ඖෂධය 370 ට මිලදී ගෙන නෑ : එය නිර්දේශයක් පමණයි – ඖෂධ නියාමන අධිකාරිය !

4
0

රුපියල් 76,000 සිට රුපියල් 370ක දක්වා මිල අඩුවී ඇති බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූ ඖෂධය මිලදී ගැනීමක් සිදුකර නොමැති බවත් එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදුකළ නිර්දේශයක් පමණක් බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක් සඳහා එක්වෙමිනි.

ඒ අනුව මෙකී මිලට අදාළ ඖෂධය මිලදී ගැනීමක් සිදුකර නොමැති අතර එය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නිර්දේශයක් උපුටා දක්වමින් සිදුකළ ප්‍රචාරයක් පමණක් බව තහවුරු වෙයි.

එසේම අදාළ වැඩසටහනේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසා සිටියේ මෙම ඖෂධය පිළිකා රෝගීන් සඳහා නියමකෙරුණක් නොවන බවත් එය හෘද සැත්කම් වලදී භාවිතා කරන්නක් බවයි.

එසේම අඩු මිලට ඖෂධ මිලදී ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අපේක්ෂාව වුවත් මේ වන විට විවිධ පාර්ශ්ව නීති ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් එය දුෂ්කරව ඇති බවත් ඔහු සඳහන් කළේය .

කෙසේ වුවත් වත්මන් ආණ්ඩුවට සහාය දක්වන පිරිස් ඉතාම අමනෝඥ ලෙස පළමුව මෙකී ඖෂධය පිළිකා රෝගීන් සඳහා වන්නක් බවට ප්‍රචාරය කළ අතර, අනතුරුව ඖෂධ අතර මිල සංසන්දනය කරමින් වත්මන් ආණ්ඩුව අතිවිශාල මුදලක් ඉතිරි කරමින් ඖෂධ මිලදී ගෙන ඇති බව ප්‍රචාරය කරනු දක්නට ලැබිණ

Previous articleමාලිමාවේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ දීමනා සියල්ලම පොදු ගිණුමකට යනවා – බැංකුව තියෙන්නේ බොරැල්ලේ – වටගල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here