Home අද සුජීව සේනසිංහට ලබන 05 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

සුජීව සේනසිංහට ලබන 05 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

8
0

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධිකරණ ඇමති සුජීව අර්ජුන සේනසිංහට ලබන පෙබරවාරි 05 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අද(20) නියෝග කර තිබේ.

ඒ, 2024.11.08 වන දින ටොයෝටා ලෑන්ඩ් කෘසර් මාදිලියේ ජිප් රථයෙහි එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පෑස්සිමෙන් එකලස්කර නිමකිරීම සිදු කළ බව කියන සිද්ධියකට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් පසුගියදා සිදු කළ ඉල්ලීමට මෙලෙස අවසර ලබා දී තිබේ. මෝටර් රථ ආඥා පනතේ 214 (1) ආ වගන්තිය සමග කියවෙන 2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් වාහන පනත යටතේද, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති යටතේ ද මේ සඳහා චෝදනා ගොනු කර තිබේ

Previous articleත්‍රිකුණාමලේ තියෙන තෙල් ටැංකි ලංකාවට වැඩියි – ඉන්දියාව එක්ක එකතුවෙලා ලෝකෙටම තෙල් දෙනවා – ජනපති
Next articleලෝක බලවතා අද දිවුරුම් දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here