නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ට අද (22) ඇප නියමව තිබේ.
ඊයේ අත්අඩංගුවට ගනුලැබූ ඒ මහතා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කෙරුණි.
විනාඩි 30ක දීර්ඝ කරුණු දැක්වීමකින් පසු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත ඔහු නිදහස් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා නඩුව ලබන මස 06 වැනි දින නැවත කැඳවීමටද නියෝග කර ඇත.
නීති විරෝධි කොටස් එකලස් කිරීමක් ලෙස සැළකෙන මෙකී ලොරිය පෞද්ගලික ආයතනයකින් මීලදීගෙන ඇති බවත්, ඊට පෙර අට දෙනෙකු මෙහි හිමිකාරීත්වය දරා ඇති බවත් විජිත් විජයමුණි මහතාගේ ඥාතීන් පවසයි