නීති විරෝධී ලෙස කොටස් එක්ලස් කර සකසන ලද මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන විමර්ශන ඒකකය මගින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෝටර් රථය සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා විජිත් විජිතමුණි සොයිසා මහතා අද වලාන දූෂණ මර්දන ඒකකය වෙත කැඳවා පැය පහකට ආසන්න කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
මීට ඉහත අවස්ථා දෙකකදී මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට මන්ත්‍රීවරයා වලාන දූෂණ මර්දන ඒකකය වෙත කැඳවා තිබූ අතර එක් අවස්ථාවක ප්‍රශ්න කරමින් සිටියදී ඔහු හදිසියේ රෝගාතුර වීම නිසා ප්‍රශ්න කිරීම නවතා දමා තිබිණි.
කොටස් එක්ලස්කර සකස් කරන ලද මෝටර් රථය සම්බන්ධව නීත්‍යානුකූල භාවය සනාථ කිරීමට නොහැකි වීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරියෙක් පැවසීය