පළාත් පාලන ආයතන යටතේ මහජන සේවා සැපයීමට තිබූ රුපියල් මිලියන 26,726 මුදලක් ස්ථාවර තැන්පතුවල යොදවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තා වේ දැක්වේ.
පළාත් පාලන ආයතන වලට පැවරී ඇති පොදු උපයෝගීතා සේවා, මහජන සෞඛ්‍ය, ජනතා සුභසාධනය වැනි කටයුතු ඉටු නොකර එම මුදල් මෙලෙස ස්ථාවර තැන්පතු වල යොදවා ඇති බව හෙළිවී තිබේ.
මහජන සේවය සඳහා යෙදවීමට තිබූ එම මුදල් අදාළ කටයුතුවල නොයොදවා මුදල් ඉපයීමේ අරමුණින් ස්ථාවර තැන්පතුවල යොදවා ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලින් අනාවරණය කරගෙනන ඇත.
ඒ අනුව මහනගර සභා විසින් රුපියල් මිලියන 12.479 ක් නගර සභාව විසින් රුපියල් මිලියන 2,716 ක් ප්‍රාදේශීය සභා විසින් රුපියල් මිලියන 11,531 ක් මෙලෙස ආයෝජනය කර ඇති බව විගණන වාර්තා වේ දැක්වේ.
ජාතික විගණන කාර්යාලය මගින් 2023 වසරට අදාළව නිකුත් කර ඇති එම වාර්තාවේ දැක්වෙන මෙම කරුණු සම්බන්ධව රජය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව රජයේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය.