පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී ඇත.
මේ බව පළාත් ආණ්ඩුකාර විසින් අධ්‍යාපන බලධාරින් දැනුවත් කර තිබේ.
ඒ අනුව නැගෙනහිර පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන බැවින් හෙට දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් 25 වනදා එනම් සෙනසුරාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙයි.