Home අද දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරම – මා කුඹුර දුම්රිය ස්ථානයේ පොලිස්මන්ගේ වැඩ තහනම්!

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරම – මා කුඹුර දුම්රිය ස්ථානයේ පොලිස්මන්ගේ වැඩ තහනම්!

18
0

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටි මා කුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පොලිස්මන් වරයාගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමේ නිරතව සිටින බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ සිදුකළපරීක්ෂණවලින් තහවුරු කරගත් තොරතුරු මත පොලිස්මන් වරයාගේ සේවය අතහිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

පොලිස්මන්වරයා ඔහුගේ ඥාතියෙකුගේ නමින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කරන, පුද්ගලික ආයතනයක් ආරම්භ කර ඒ ආයතනය හරහා අන්තර්ජාලයෙන් ඊ ටිකට් පත් සැලසුම් සහගතව වෙන්කරවා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වූ බව එම නිලධාරියා පැවසීය.

පසුගියදා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලයට මුදා හරින ලද  ඊ ප්‍රවේශපත්‍ තත්පර 42 ක් වැනි සුළු මොහොතකින් අලෙවි වී අවසන් විය.

මෙලෙස අන්තර්ජාලය හරහා ලබා ගන්නා ඊ ප්‍රවේශ පත් සංචාරකයන් සහ අනෙකුත් මගීන් සඳහා අධික මුදලකට අලෙවි කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleක්ලීන් ශ්‍රී ලංකා කෝ? කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම්පළ අප්‍රසන්න කසළ ගොඩක් (සම්පූර්ණ වීඩියෝව මෙන්න )
Next articleවිදුලි බිල 20% කින් අඩුවේ – ඇමති ගෙන් නිවේදනයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here