Home අද UNP හා එක්ව කටයුතු කිරීමේ සාකච්ඡාවට SJB අනුමැතිය – පංච පුද්ගල කමිටුවකුත්...

UNP හා එක්ව කටයුතු කිරීමේ සාකච්ඡාවට SJB අනුමැතිය – පංච පුද්ගල කමිටුවකුත් පත්කරයි

13
0

එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ සාකච්ඡා ආරම්භ කර ඉදිරියට ගෙන යෑම සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

සමගි ජන බලවේගයේ නායක විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16 ) රැස් වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එහි බහුතරයක් කට වැඩි පිරිසකගේ මතය වූයේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්විය යුතු බවයි.

ඒ අනුව එම සාකච්ඡා ආරම්භ කර ඉදිරියට කරගෙන යෑමට පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලබන පංච පුද්ගල කමිටුවක් මගින් සිදුකිරීමට නියමිතය.

දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ද අනුමැතිය මේ වන විට හිමිවී තිබේ.

පක්ෂ දෙකෙහිම පසු පෙළ ක්‍රියාකාරීන්ගේ මෙන්ම පාක්ෂිකයන්ගේ ඉල්ලීම වී ඇත්තේ ද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක්ව ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් විය යුතු බවය.

මේ අනුව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කඩිනමින් ආරම්භ කරන බව පක්ෂ දෙකෙහි මහලේකම්වරු පවසති

Previous articleඋසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමේ!
Next articleසංචාරකයන් රැගත් බස් රථයක් දක්ෂිණ අධිවේගයේදී ලොරියක ගැටෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here