Home අද විදුලි බිල අඩු කරන්න මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අවශ්‍යයි – බලශක්ති අමාත්‍යාංශය!

විදුලි බිල අඩු කරන්න මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අවශ්‍යයි – බලශක්ති අමාත්‍යාංශය!

5
0

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කළ විදුලිය ගාස්තු අඩුවීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත ක්‍රියා කරන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලිය ගාස්තු සියයට විස්සකින් අඩු කළ යුතු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට විස්සකින් අඩු කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කළේය.

මේ සම්බන්ධව අවධානය යොමු කර තිබෙන බවත් මෙතෙක් මහජන උපයෝගීතා කොමිසම විදුලිය ගාස්තු අඩු කිරීමේ යෝජනාව නිල වශයෙන් බලශක්ති අමාත්‍යාංශය වෙත යොමු කර නැතිි බව මාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිය ගාස්තු අඩු කිරීමේ යෝජනාව නිල වශයෙන් අමාත්‍යාංශය වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව සලකා බලන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Previous articleදුම්රිය මැදිරි ‘සම්බාහන මැදිරි’ කිරීම ගැන විශේෂ පරීක්ෂණයක් අරඹයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here