ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමග එකඟතාවකට පැමිණි බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලයේ ආරක්ෂක මණ්ඩලය අද (17) පස්වරුවේ රැස්වීමට නියමිත අතර, එහිදී තම රජය දිගු කලක් බලා සිටි ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙන බවද විදෙස් වාර්තා දක්වයි.
ඇමෙරිකානු බලධාරීන් ද එළැඹෙන ඉරිදා බලාත්මක කිරීමට අපේක්ෂා කරන සටන්විරාම ගිවිසුම මගින් ගාසා තීරයේ සටන් නතරවනු ඇති අතර, ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමට හැකිවනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.