Home අද සයිටම් නඩුවෙන් ලහිරු සහ සුගතානන්ද හිමි නිදහස් කරන ලෙස නියෝග

සයිටම් නඩුවෙන් ලහිරු සහ සුගතානන්ද හිමි නිදහස් කරන ලෙස නියෝග

11
0

සයිටම් විශ්ව විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2017 ඔක්තෝම්බර් මස 10 වැනිදා සිදුකළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩ කළ බවට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට එරෙහිව පැවරූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (16) නියෝග කළේය.

පූර්වගාමී මහේස්ත්‍රාත් දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් නිකුත් කළ පිටු 11 යුතු නියෝගය කියවමින්, සැකකරුවන් දෙදෙනාට එරෙහිව පවතින චෝදනා සාධාරණ සැකයකින් ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බව කියමින් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 

Previous articleක්ලීන් ශ්‍රී ලංකා යනු, ජනතාවගේ පොකට්ටුව සුද්ද කිරීමද? වෘත්තීය සමිති ප්‍රශ්න කරයි!
Next articleහම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට චීනයේදී ගිවිසුම් අත්සන් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here