Home අද ක්ලීන් ශ්‍රී ලංකා යනු, ජනතාවගේ පොකට්ටුව සුද්ද කිරීමද? වෘත්තීය සමිති ප්‍රශ්න කරයි!

ක්ලීන් ශ්‍රී ලංකා යනු, ජනතාවගේ පොකට්ටුව සුද්ද කිරීමද? වෘත්තීය සමිති ප්‍රශ්න කරයි!

5
0

ක්ලීන් ශ්‍රී ලංකා යනු ජනතාවගේ පොකට්ටුව සුද්ද කරන වැඩපිළිවෙළක්දැයි වෘත්තීය සමිති නායකයෝ ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටිති.

ඉතිහාසයේ වැඩිම අගයකින් විදුලි ගාස්තු අඩු කිරීමට හැකියාව තිබියදී වත්මන් පාලනය එම සහනය ජනතාවට ලබානොදීම සම්බන්ධවද ඔවුන් චෝදනා කරයි.

ඒ අනුව වෘත්තීය සමිති නායකයන් පවසන්නේ මේ වනවිටත් විදුලි බල 33%කින් අඩු කළ හැකි බවයි.

ආනන්ද පාලිත ඇතුළු වෘත්තීය සමිති නායකයන් පිරිසක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව අවධාරණය කළ අතර පසුගිය රනිල් වික්‍රමසිංහ පාලනය විසින් හඳුන්වාදුන් බදු එළෙසින්ම පවත්වාගෙන යාම සම්බන්ධවද එහිදී විවේචනය කෙරිණ.

ක්ලීන් ශ්‍රී ලංකා යනු මේසයට ගසා සහල් මිල වැඩි කිරීම මඟින් ඩඩ්ලි සිරිසේන ඇතුළු ව්‍යාපරිකයන් පිරිසකගේ ලාභය වැඩිකිරීම සහ ආනයන කරන සහල් වලින්ද කිලෝවක් සඳහා රුපියල් 65ක බද්දක් අයකර ජනතාව පීඩාවට පත්කිරීමද කියාද ඔවූහු ප්‍රශ්න කළහ.

එබැවින් අනුර – හරිනි පාලනයේ මේ අසාධාරණයට එරෙහිව ජනතාව නැගීසිටිය යුතු බවද ඔවූහු අවධාරණය කළහ

Previous articleඅන්තර්ජාලයට මුදා හැර තත්පර 42න් විකිණී අවසන් වෙන දුම්රිය e-ටිකට්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here