Home අද යුද්ධය අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාමයකට එකඟතාවයක්

යුද්ධය අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාමයකට එකඟතාවයක්

9
0

මාස 15 ක් තිස්සේ පැවැති සටන් අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

මෙම දෙපාර්ශවය අතර සාකච්ඡා කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැත්වූ අතර සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටාර් රාජ්‍යය කටයුතු කර තිබේ.

කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහමාන් බින් ජසීම් අල් තානී පවසා ඇත්තේ සටන් විරාමයත් සමඟ හමාස් සංවිධානය ඔවුන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරනු ඇති බවයි.

ඒ සමඟම, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් විපතට පත්වුණු පලස්තීනුවන්ට කඩිනමින් මානුෂීය ආධාර හිමිවනු ඇතැයි ද පැවැසෙයි.‍

ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ 2023 ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ ඉරාන හිතවාදී හිස්බුල්ලා සටන්කාමීන් ද සමඟ හවුල් වී, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් ඉලක්කවලට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවෝ 46,707 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 110,265 කි

Previous articleවාහනයක් ගැන ප්‍රශ්න අහද්දී ‘අප්පච්චි මළා’ හදිස්සියේම ලෙඩ වෙයි
Next articleසුපිරි නළු සයිෆ් අලී ඛාන්ට තියුණු ප්‍රහාරයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here