Home අද අමාත්‍ය හර්ෂණට ආචාර්ය පදවියක් දුන් පාර්ලිමේන්තු ලොක්කෝ අදත් CID යට!

අමාත්‍ය හර්ෂණට ආචාර්ය පදවියක් දුන් පාර්ලිමේන්තු ලොක්කෝ අදත් CID යට!

4
0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ උසස් නිලධාරියෙකු ඇතුළු කිහිපදෙනෙකුට එම කැඳවීම කර ඇති බව වාර්තා වේ. මීට පෙර ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ එහි නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකළේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු ලේඛන කාර්යාලය සඳහන් කර ඇත්තේ සභා නායක කාර්යාලයෙන් ලද ලිපියකට අනුව හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවිය සඳහන් කළ බවයි. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකළ අතර ඊට අදාළ විමර්ශන මෙලෙස ක්‍රියාත්මක වේ.

Previous articleපළාත් සභා වලට අයත් වාහන 2000කට වඩා අතුරුදන් – විගණන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here