Home අද විදුලිය ගාස්තුව 20% – 30% අඩු විය යුතුයි – මහජන මත විමසුම!

විදුලිය ගාස්තුව 20% – 30% අඩු විය යුතුයි – මහජන මත විමසුම!

31
0

විදුලිය ගාස්තුව 20%ත් 30% ත් අතර ප්‍රමාණයකින් අඩු විය යුතු බව රට පුරා මහජන අදහස්වලින් යෝජනා වී ඇත.

විදුලිය ගාස්තු සංශෝධනය සම්බන්ධව පළාත් 09 ම ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර එහිදී ජනතාව අති බහුතරයක් යෝජනා කර ඇත්තේ විදුලිය ගාස්තු අඩු විය යුතු බවය.

මෙම සියලු යෝජනා සැලකිල්ලට ගනිමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් එකඟතාවය මෙම 17 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ අනුව විදුලි බිල 30% කට ආසන්න මුදලකින් අඩු කළ යුතු බව මහජන උපයෝගීතා කොමිස්සමේ ස්ථාවරය වී ඇති බවත් එය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවත් එම කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

විදුලි බිල සංශෝධනය සම්බන්ධව මහජන අදහස් ලබා ගැනීම පසුගිය 10 වැනිදාගෙන් අවසන් වූ අතර එහිදී රටේ විවිධ පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා ලබාගෙන තිබිණි.

මේ වසරේ මුල් මාස හය තුළ ක්‍රියාත්මක වීමට අදාළ යෝජනාවක් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටියේ විදුලිය ගාස්තු අඩු කළ නොහැකි බවයි. එහෙත් මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල අඩු කළ යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කළේය.මේ අනුව එම කොමිෂන් සභාවේ ස්ථාවරය17 වැනිදා ප්‍රකාශයට පත් කරනු ඇත.

Previous articleහර්ෂණට ආචාර්ය පට්ටම දැම්ම ප්‍රශ්නෙට තවත් පාර්ලිමේන්තු ලොක්කෙක්ව CID කැඳවයි
Next articleජනපති අනුරව චීනය ඉහළින්ම පිළිගනියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here