Home අද දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩිකිරීමට තීරණයක්

දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩිකිරීමට තීරණයක්

32
0

දිනකට නිකුත් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2500 දක්වා වැඩි කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දැනට දිනකට විදේශ ගමන් බලපත්‍ර 1200 ක් නිකුත් කරන අතර පවතින ඉල්ලුම හමුවේ එය ප්‍රමාණවත් නොවන නිසා එම සංඛ්‍යාව වැඩිකිරීමට තීරණය කළ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

ඇතැම් පුද්ගලයින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මාස 3-4 ක් ගතවන බවත් එය වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව එම නිලධාරියා කීය.

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පවතින දැඩි ඉල්ලුම නිසා පසුගිය කාලය තුළ යම් ප්‍රමාදයක් ඇති ඇතිවුවද ඉදිරියේදී එය අවම කර ගැනීමට හැකිවනු ඇති බවට එම නිලධාරියා විශ්වාසය පළ කළේය

Previous articleජනපති අනුරව චීනය ඉහළින්ම පිළිගනියි !
Next articleහෝමාගම සමූපකාර ජන්දයත් මාලිමාව පරදියි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here