අධික වේගයෙන් වාහන ධාවනය කරනු ලබන රියදුරන් හඳුනාගැනීම සඳහා ඇමරිකාවේ නිෂ්පාදිත නවීන ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වේග මාපක යන්ත්‍ර භාවිතා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.
රාත්‍රී කාලයේ රථවාහන මෙහෙයුම් සඳහා මෙම යන්ත්‍ර යොදා ගැනීමට පොලිසිය සැලසුම් කර තිබේ.
මෙරටට ගෙන්වන ලද මුල් යන්ත්‍ර තොගය බස්නාහිර පළාත් පොලිස්ථාන වෙත භාරදීම පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණ.
මෙම ව්‍යාපෘතිය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව රටේ සෙසු ප්‍රදේශවල දෙවෙනි අදියරය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරතිබේ.
නවීන තාක්ෂණයට අනුව සකසා ඇති මෙම වේගමාපක යන්ත්‍ර ක්‍රියාත්මක කරවීම සම්බන්ධව පුහුණුවක් සියලු පොලිස් ස්ථානවල රථවාහන අංශයට අනුයුක්ත නිලධාරීන්ට ඉදිරියේදී ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.