චීනය තම ආර්ථිකය නංවාලීමට උත්සාහ කිරීමක් ලෙස නව භාණ්ඩ සඳහා 20%ක් දක්වා වට්ටමක් හඳුන්වාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගියදා චීනයේ රජයේ රැකියා ලාභීන්ට ද වැටුප් වැඩිකිරීමක් ලබාදී තිබෙන අතර ඒ චීන වැසියන්ගේ ක්‍රය ශක්තිය වැඩිකිරීමේ අරමුණිනි.
එමෙන්ම, චීන රජය විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉදිරිපබත් කර ඇති නව වෙළෙඳ යෝජනාවට අනුව 20% ක වට්ටමක් ලබාදෙමින් නව භාණ්ඩ හා නිෂ්පාදන ලැයිස්තුවක් ද හඳුන්වාදීමට කටයුතු කර තිබෙන අතර එම ලැයිස්තුවට මයික්‍රොවේව් උදුන්, පිගන් සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, ජල පිරිපහදු යන්ත්‍ර, රූපවාහිනී , දුරකතන , ටැබ් සහ ස්මාර්ට් ඔරලෝසු මෙන්ම විදුලි සහ සාමාන්‍ය වාහන ද අයත් බව සඳහන් වේ.
ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය දුර්වල පාරිභෝගික ඉල්ලුමක් සහ ගැඹුරු දේපොල අර්බුදයක් ඇතුලු අභියෝග රැසකට මුහුණදෙමින් සිටින බවද වාර්තා වේ.