Home අද ”මල්ලිට විරුද්ධව මුල්ම පැමිණිල්ල කළේ මම” – මනුෂ නානායක්කාර

”මල්ලිට විරුද්ධව මුල්ම පැමිණිල්ල කළේ මම” – මනුෂ නානායක්කාර

20
0

සිය සහෝදරයාට එරෙහිව ප්‍රථමයෙන්ම පැමිණිල්ලක් ගොනු කළේ තමා අමාත්‍ය ධුරය දැරූ කාලය තුළ තමන් විසින් බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එසේම ඔහුගේ වංචාවන් සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කළේ ද තමන් බවයි ඔහු පවසන්නේ.

තම සහෝදරයාගේ ක්‍රියාකාරකම්වලට තමා කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, විදේශ රැකියා අවස්ථා සඳහා තෙවන පාර්ශවයන්ට මුදල් ගෙවීමට එරෙහිව මහජනතාව දැනුවත් කිරීමට ඔහු උත්සාහ දැරූ බවත්, ඔහු සඳහන් කරනවා.

තමා කිසිදු වරදක් කර නොමැති බැවින් ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බවයි ඔහු සඳහන් කරන්නේ.

සිය පවුලේ සාමාජිකයින් සමගින් රටින් පලා ගොස් ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ද ඔහු ප්‍රතික්ෂේප කළා.

තවද, ඔහු අමාත්‍ය ධුරයේ සිටි සමයේ ඔහුගේ අමාත්‍යාංශය වසර දෙකක් තුළ රටට විදේශ රැකියා ආදායමෙන් ඩොලර් බිලියන 13කට වඩා මුදලක් උපයා ඇති බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම මෙම වංචාවට තමන් සම්බන්ධ බවට මාධ්‍යවල පළ වූ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළ අතර, මෙම චෝදනා පදනම් විරහිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Previous articleචාමර සම්පත් කියෙව්වේ Quotation එකක් – ක්ලීන් ශ‍්‍රී ලංකා උත්සවයට වියදම ලක්‍ෂ නවයයි – නලින්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here