Home අද සුරාබදු පුරප්පාඩු 462 ක්

සුරාබදු පුරප්පාඩු 462 ක්

25
0

සුරාබදු දෙපාර්තමේන්තුව තුළ පුරප්පාඩු 462ක් පවතින බවත් එම පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරගෙන යන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.

දෙපාර්තමේන්තුව තුළ 1,649ක අනුමත පිරිසක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ නිලධාරීන් 1,187ක් බවද කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ඉන් සුරාබදු නියාමක හා කෝප්‍රල් පුරප්පාඩු 128ක්, සුරාබදු රියැදුරු 20ක්, සුරාබදු සැරයන් 42ක්, කළමනාකරණ සේවා නිලධාරීන් 22ක්, කාර්යාල කම්කරු 60ක්, සුරාබදු පරීක්ෂක 86ක්, සැරයන් මේජර් 23ක් ඇතුළු පුරප්පාඩු 462ක් පවතින බව සඳහන්.

මේ වනවිට සුරාබදු පරීක්ෂක තනතුරු 23ක් සීමිත පදනමෙන් බඳවා ගැනීමට ජනවාරි 15ත් 17ත් අතර සම්මුඛ පරීක්ෂණ පැවැත්විමට ද විවෘත විභාගයෙන් 34ක් බඳවා ගැනීමට ද විභාගය සමත් තුන් ගුණයක පිරිසක් ඉදිරි දිනවලදී කැඳවීමට නියමිත බවත් පැවසූ කොමසාරිස් ජනරාල්වරයා සුරාබදු නියාමකයන් ලෙස විවෘත විභාගයෙන් 100ක් ද උසස්වීම් යටතේ 11ක් ද බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද, රියැදුරන් 15ක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද පැවසීය.

මෙම සියලුම පුරප්පාඩු සඳහා දේශපාලන පත්වීම් නොව තරග විභාග පවත්වා බඳවා ගන්නා බවත් ඉදිරියේදී සියලු පුරප්පාඩු සහ උසස්වීම් ලබාදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Previous articleවැඩබැරි දේශපාලඥයන් සහ නිලධාරීන් වැරදි වහගන්න මට මාෆියාකාරයා කියනවා – ඩඩ්ලි සිරිසේන
Next articleපොලිස් මූලස්ථානයේ තිබූ CCTV 07 ක් අතුරුදන් – මූලස්ථානයෙන් කොටුව පොලිසියට පැමිණිල්ලක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here