වර්ෂයේ පළමු මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල වැඩි වෙමින් පැවතිය ද ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ.

පසුගිය මාසයේ දී ද ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවුණු අතර, මෙම දැනුම්දීමට අනුව මෙම මාසයේදී ද ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල පහත සඳහන් පසුගිය මිලට අනුවම අලෙවි වනු ඇති.
( ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල කොළඹ දිස්ත්‍රික්කයට අදාළ පහත දක්වා තිබෙනවා. )
කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක් ,
කිලෝගෑස් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482 ක්,
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694 ක්.